චීන - ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී
ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළදී අත්සන් කිරීමට නියමිතය. චීන අග්‍රාමාත්‍ය ලී කඡියාන් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හි දී මේ බව අනාවරණය වී තිබේ. අද (16 දා) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී මෙම සාකච්ඡාව පැවැත්වීය.
ප්‍රවාහන, මුල්‍ය, වාණිජ ආදී අංශයන් මූළික කොට ගනිමින්, ආසියාවේ ආර්ථිකය හා තරගකාරී තත්වයකට පත්වීමටත්, ඒ ඔස්සේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීමටත් අවශ්‍ය සහයෝගය සහ උපකාරය ශ්‍රී ලංකාවට ලබදීමට සූදානම් බව චීන අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය ආයෝජන පරිසරය ශ්‍රී ලංකාවේ සකස් කළ යුතු බවත් තිරසර ස්ථාවරත්වයක් සහ ශක්තිමත් නෛතික රාමුවක් නිර්මාණය වන්නේ නම්, ලෝකයේ බොහෝ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ අයෝජන සඳහා එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා චීන ආයතන සහ සමාගම් දිරිමත් කරලීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

