චීන රජයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු මහා මාර්ග ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇතැයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව චීනය විසින් ක්‍රියාත්මක සියලු ප්‍රධාන මාර්ග හා ප්‍රාදේශීය මාර්ග මේ අනුව නැවත ක්‍රියාත්මක කෙරෙනු ඇත. මහා මාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය රංජිත් මහතා ෂිංහුවා පුවත් සේවයට සඳහන් කර තිබෙන්නේ අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් ගෙවිය යුතු ගෙවීම් මේ වන විටත් ගෙවා ඇති බවයි.
මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි ඉදිකිරීම් කටයුතුද ආරම්භ කර තිබේ.