චීන බැංකුව (Bank of China) මේ වසරේදී සිය ශාඛාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරිමට සූදානම් වී තිබේ. චීක රජයට හිමි විශාලම මූල්‍ය ආයතනය ලෙස සැලකෙන චීන බැංකුව දකුණු ආසියාව තුළ ආරම්භ කරන පළමු ශාඛාව වන්නේද මෙයයි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ බැංකුව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශ්ව සමග චීනය සාකච්ඡා ආරම්භ කර තිබේ.
බැංකුව කොළඹ ආරම්භ කිරිමත් සමග චීනය හා ශ්‍රී ලංකාව අතර සිදුවන ගනුදෙනු බැංකුව හරහා සිදුකිරීමට අවසථාව තිබේ.ඇමෙරිකාව, කැනඩාව, කෙන්නියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව යන රටවල චින බැංකුව මෙහෙයුම් ආරම්භ කර තිබේ.