චීන නැව පැමිණීමෙන් ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙනවා
චීන සමූහාණ්ඩු නාවික හමුදාවට අයත් 150 කාර්ය සාධක යුද නෞකාව දිවයිනේ සංචාරයක නිරතවීමෙන් චීන - ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මහජන චීන සමූහාණ්ඩු 150 කාර්ය සාධක නෞකාවේ අණදෙන නිලධාරී හා නැගෙනහිර කලාපීය නියෝජ්‍ය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් අද (01දා) එම අමාත්‍යාංයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
අමාත්‍යවරයා හා රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙරට ප්‍රදේශ රැසක සිදුවී ඇති ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී. එහිදී චීන රජය අවතැන්වූ ලාංකික ජනතාවට ආධාර උපකාර ලබාදීමට මැදිහත්වීම පිළිබඳව අමාත්‍යවරයා සිය විශේෂ ස්තුතිය පුද කළේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතාට සමරු සිහිවටනයක් තිළිණ කරන ලදී. චීන නාවික හමුදාවට අයත් මෙම 150 කාර්ය සාධක යුද නෞකාව ඊයේ (31දා) පස්වරුවේ දිවයිනට පැමිණියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

