කිරුළපන නගරයේ හෝටලයකදී කලහකාරී ලෙස හැසුරුණු චීන ජාතිකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම හෝටලයේ හිමිකරුට පහර දී එහි තිබූ රුපියල් 150000ක් පමණ වටිනා දේපළවලට මෙම චීන ජාතිකයින් තිදෙනා අලාභ හානි සිදුකර තිබේ.
චීන ජාතිකයින් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් දෙසැම්බර් 4දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.