උතුරු කොරියාවේ පවතින ගැටලුකාරී තත්ත්වය විසඳීමට චීනයේ මැදිහත්වීම ඇමෙරිකා ජනපතිගේ පැසසුමට ලක්ව තිබේ. චීන ජනපති ෂී ජින්පින් මහතා උතුරු කොරියාවේ ගැටලුව විසඳීමට මැදිහත්වීම පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තම රටට ආදරය කරන හොඳ පුද්ගලයෙකු බවට චීන ජනපතිවරයා හැඳින්විය හැකි බවයි.
රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ උතුරු කොරියා ගැටලුව රාජත්‍රාන්තික වශයෙන් විසඳීමට තමන් සූදානම් බවත් නමුත් එය අපහසු කරුණක් බවත්ය.
උතුරු කොරියාවේ පාලනය තමන් යටතට ගැනීමට තරම් උතුරු කොරියා ජනපති කීම් ජොන් උන් වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකු නොවන බවත් ට්‍රම්ප් සඳහන් කරයි.
උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡාවට බඳුන්ව තිබේ. එහිදී උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව සම්බාධක පැනවීමට තම රජය කටයුතු කරන බව චීනය ඇමෙරිකාවට දැනුම්දී තිබේ.