චීනයෙන් ආනයනය කරන ලද ගුවන් යානා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයට ගන්නා බැවින් චීන ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මෙරට ඉදිකිරීම ඉතා වාසිදායක බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ඊයේ (23දා) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සෙනෙවිරත්න මහතා මේ බව පැවසීය.
චීන ගුවන් යානා නඩත්තු කිරීමට අවශ්‍ය වූ විට එම ගුවන්යානය වෙනත් රටකට ගෙනගොස් අලුත්වැඩියා කළ යුතු බවත්, ඒ සඳහා දැඩි වියදමක් සේම දැඩි කාලයක් ගතවන බැවින් මෙරට චීන ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාව ගුවන් හමුදාව රජයට ඉදිරිපත් කළ බවත් සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙය චීන ආයතනයක් ලෙස ස්ථාපිත නොකරන බවත්, චීත තාක්ෂණය ලබාගෙන ලංකාවේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ප්‍රකාශ කෙරිණි.
ලංකාවේ මේ වනවිට භාවිත වන සියලුම ගුවන්යානා 1970, 1980 වර්ෂවල නිෂ්පාදිත ඒවා බවත්, අලුතින් ගුවන්යානා මිලදීගැනීමට වඩා තිබෙන ගුවන්යානා නඩත්තු කිරීම ඉතා වාසිදායක ක්‍රියාවක් බවත් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.