චීන ජාතික විදේශීය කාන්තාවක නුවරඑළිය නගරයේ අයාලයේ සැරිසරණ සුනඛයන්ට රසමුසු ආහාරවලින් සංග්‍රහ කොට ඔවුන්ට ලැග සිටීමට ගෝනිමලු ලබා දීමේ කටයුත්තක නිරතව සිටිනු පසුගියදා අපට දැක ගන්නට ලැබිණි.
එම විදේශීය කාන්තාව විසින් විවිධ රසමුසු ආහාර ද්‍රව්‍ය ගෙනවිත් නගරයේ සිටින සුනඛයන්ට ලබා දීම සිදුකරනු ලැබුවේ හරි අපූරු ආකාරයකටය. සුනඛයන්ගේ මුවගට ආහාර වර්ග ළංකොට එම සුනඛයා ප්‍රිය කරන ආහාර පමණක් ලබාදීම ඇය විසින් මෙහිදී සිදු කරන ලදී.
මෙසේ සුනඛයන්ට ආහාර ලබාදීමෙන් අනතුරුව සුනඛයන්ගේ හිස අතගාමින් එම සතුන් සුරතල් කරන ලද්දේ තම නිවසේ ඇති දැඩි කරනු ලබන සුනඛයන් අතපත ගාන පරිද්දෙනි.
තමාගේ නම ගම අවශ්‍ය නොවන බවත්, සුරතල් සතුන් මෙසේ අයාලයේ නොයවා රැකබලා ගතයුතු අතර, එසේම ඔවුන්ට මිනිසුන්ට සේම සෙනෙහස, දයාව, කරුණාව නිරන්තරයෙන් ලැබිය යුතු බවත් ඇය එහිදී අප හා පැවසුවාය.
සතුන්ට ආදරය දැක්විය යුතු ආකාරය මෙන්ම ඔවුන්ට ආහාර මෙන්ම උණුසුමද අවශ්‍ය බව ඇය විසින් එහි රැස්ව සිටි පිරිසට අංග චලනයෙන් පවසන ලදී.
ශාන් හුලංනුගේ