මෙරට තෙදින සංචාරයක යෙදෙන මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ලුතිනන් ජනරාල් වූ ජීමින් (Lieutenant General Wu Jieming, Deputy Political Commissar of the NDU of the PLA) ගේ ප්‍රධානත්වයෙන් මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය.
මෙහිදී පැමිණි දූත පිරිසට ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදා කාර්යභාරය සහ වර්ථමාන ආරක්ෂක තත්වය සම්බන්ධව දැනුවත් කිරීමක් සිදුකෙරුණ අතර අනතුරුව ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු පිළිබදවද සාකච්ජා විය.
මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම දූත පිරිසට මේජර් ජෙනරාල්වරු තිදෙනෙක්, කර්නල්වරු විසිහය දෙනෙක්, ලුතිතන් කර්නල්වරයෙක් සහ සිවිල් නිලධාරියෙක් අයත් වූහ.
මෙම හමුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදි පැවැත්විණ.