ශ්‍රී ලංකාව වෙන රටක් සමග ආරක්ෂාව සම්බන්ධයෙන් ගිවිසුම් ගතවීමේදී ඉන්දියාවේ ආරක්ෂාව සඳහා ගැටලු ඇතිවන කිසිම ගිවිසුමකට එක්නොවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා ඉන්දියාවට තහවුරුවක් ලබාදී තිබේ.
ඉන්දියාවේ ඒ.එන්.අයි. පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම මේ අදහස් අද (27දා) දිල්ලිහිදී ප්‍රකාශ කර තිබේ.
"අපිට ඉන්දියාවත් සමග හොඳ සබඳතාවක් තියෙනවා. අපි කවදාවත් ඉන්දියාවේ ආරක්ෂාවට ගැටලුවක් ඇති කරන්නේ නෑ. ඉන්දියාවේ ආරක්ෂාව අපේ ආරක්ෂාවයි. චීනය සමග විතරක් නෙමෙයි රුසියාව හා වෙනත් රටවල් සමග අපිට සබඳතා තිබෙනවා. අපි නොබැඳි ජාතියක්." යනුවෙන් හෙතෙම සඳහන් කරයි.
චීන සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවේ දැඩි අවධානය යෙමුව තිබෙන බවට ඉන්දීය මාධ්‍ය පසුගිය කාලසීමාවේදී වාර්තා කළ අතර මේ සඳහා අදහස් දක්වමින් නාවික හමුදාපතිවරයා පවසන්නේ දෙරටේ කීර්තිනාමය පවත්වා ගැනීම සඳහා චීන සබ්මැරීන ශ්‍රි ලංකාවට පැමිණි බවත් ඔවුන් හමුදාමය කටයුතු සඳහා එක්නොවන බවත්ය.