පංචිකාවත්තේ මෝටර් රථ අමතර කොටස් විකුණන වෙළෙද ස්ථාන වටලා පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ.
චීනයෙන් ආනයනය කළ අමතර කොටස් ජපන් නිෂ්පාදන හා ජර්මන් නිෂ්පාදන ලෙස වෙනස් කර විකුණන ස්ථාන සහ මිල සඳහන් නොකර විකුණන අමතර කොටස් රැසක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.
මෙවැනි පාරිභෝගික නීති කඩකළ වෙළෙඳ සැල් 30ක භාණ්ඩවලට මුද්‍රා තැබූ බවත් මෙම භාණ්ඩ පරීක්ෂාවකට ලක්කර එහි නිෂ්පාදිත රටවල අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු මාලිගාවත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අත්අඩංගුවට ගත් භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නැත.
වැටලීම සඳහා කළුතර දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කණ්ඩායමක්. ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කණ්ඩායමක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් කණ්ඩායම් තුනක් යොදවා තිබිණි.