හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ චාල්ස් ඇන්තනී බලකායේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කළ නගුලන් (ශිවමූර්තී කනපතිපිල්ලේ) යාපනයේ කෝපායිහිදී ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග කියයි.
2009 යුද්ධය අවසානයේ ඔහු සාමාන්‍ය වැසියෙකු ලෙස යාපනයේ කෝපායිහි පදිංචිව සිට ඇති බවත්, චාල්ස් ඇන්තනී බලකායේ රාම් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් ලද තොරතුරක් අනූව නගුලන් අත්අඩංගුවට ගන්නට ඇති බවද වාර්තා වෙයි.
යුද්ධය නිමා වීමෙන් පසුව මොහු සිය බිරිඳ සමඟ ජීවත් වූ බවත්, මේ වනවිට ඔවුන්ට වයස අවුරුදු 04 ක දරුවෙකු සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙයි