එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වීමට ශ්‍රී ලංකාවේ දක්ෂතා දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු අවස්ථාව හිමිව තිබේ. කොළඹ රාජකීය විදුහලේ චාමික කරුණාරත්න හා මාතර සාන්ත තෝමස් විදුහලේ ලසිත් ලක්ෂාන් එම අවස්ථාව හිමිකරගෙන ඇති ක්‍රීඩකයෝ වෙති.
ක්‍රීඩකයන් හත්දෙනෙකු අතරින් චාමිකට හා ලක්ෂාන්ට මෙම අවස්ථාව හිමිව තිබේ. ඔවුන් දෙදෙනා එංගලන්තයේ ගත කරන කාලය තුළ ඒ සඳහා අවැසි සියලු වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් එංගලන්ත කමිටුව විසින් දරනු ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා මීට ප්‍රථමව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ධම්මික ප්‍රසාද්, ෆර්විෂ් මහරූෆ්, කෝසල කුලසේකර හා උපුල් තරංග යන අය ප්රතිලාභ ලබා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.