පැවැති මහමැතිවරණයට තරග කොට ජයගත් ඌව පළාත් සභාවේ චාමර සම්පත් මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව එම පළාත් සභාවේ මහ ඇමතිධුරයට පත්වීම හේතුවෙන් හිස් වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීධුරයට ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පත්කොට තිබේ.
බදුල්ල දිස්ත්රික්කයේ සන්ධාන මනාප ලැයිස්තුවේ සිවුවැනි ස්ථානය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට හිමිව තිබූ අතර බදුල්ලෙන් සන්ධානයට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකිවූයේ තිදෙනෙකුට පමණි.
ඒ අනුව චාමර සම්පත් මහතා පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉවත්වීමත් සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තු වරම් හිමිව තිබේ.