රාජගිරියේදී පසුගියදා සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිවද කථානායකවරයා වෙත විශ්වාසභංගයක් බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 42 දෙනෙකු ඊට අත්සන් තබා තිබේ.