හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ පක්ෂ සාමාජික රැස්වීමකින් පසු එම හමුව පැවැත්වූ කටුගස්තොට පල්ලේතලවින්න ප්‍ර‘දේශයේ හෝටලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ (09දා) සවස හිටපු ජනාධිපතිවරිය සහ පක්ෂ සාමාජිකයන් අතර සුහද හමුවක් පවත්වා තිබෙන අතර, සුහද හමුව පවත්වා පිරිස ඉවත්ව ගිය පසු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම හෝටලයට ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරය නිසා කාමර 21 ක ජනෙල්වලට හානි සිදුව තිබෙන අතර, හෝටල් හිමියා විසින් මේ පිළිබඳව කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත්, ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/ එස්.සෙනවිරත්න