මෙරට ප්රධාන ආගම් අතර සංහිඳියාවක් සඳහා වූ දකුණු ආසියාවේ ප්රතිපත්ති හා පර්යේෂණ ආයාතනය (South ‘Asia policy Research Institute) මගින් කළ නිරීක්ෂණ පිළිගැනීම සඳහා හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය, වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියාය.
මෙකී නිර්දේශ ආගම් නියෝජනය කරමින් විද්වත් මඬුල්ලක් මගින් සම්පාදනය කෙරිණි.
මේ සඳහා වන කථිකාවත්වල හිටපු ජනාධිපතිවරිය ප්රධාන භූමිකාවක් ඉටු කර ඇත.
මෙම යෝජනා අද (11දා) උදේ 10.00ට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට භාරදීමට නියමිතය.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සාමාජික මහත්වරු කිහිප දෙනෙක්ද සහභාගීවීමට නියමිතය.