රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාද කිරීමට තමාට ආරාධනා කළ චණ්ඩියා මේ වනවිට සැඟවී සිටින බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සමග මඩින් තොර තාක්ෂණික විවාදයකට ඕනෑම අවස්ථාවක තමන් සූදානම් බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂද සිල්වා මහතා,
“රටට මෙවැනි විවාද අවශ්‍යයි. රටේ ඉන්නේ හොඳට හිතන්න පුළුවන් ජනතාවක්. දැන් ඉස්සර වගේ නෙවෙයි ඡන්දදායකයො හිතලා මතලා, කියවලා බලලා හරිදේට ඡන්දෙ දෙන්නයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. කල්පනා කරන යුගයක් වුණාම මෙවැනි විවාද සිද්ධ වියයුතුයි. කෑ කෝ ගහගෙන, කැත වචන කියන්නැතිව, ගහගන්නේ නැතිව, මඩ ගහන්නේ නැතිව, ආර්ථිකයේ සැබෑ තත්ත්වය ගැන අපි විවාද කරමු. ඒකට මම ලෑස්තියි* යනුවෙන් පවසා සිටියේය.