ඝාතනය කළ බවට සැක කරන දළ පූට්ටුවාගේ සිරුර සොයා පරීක්ෂණ
ඇත්දළ ලබාගැනීමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැකකරන ගල්ගමුවේ 'දළ පූට්ටුවා' ඇතාගේ සිරුර සොයා වනජීවී නිලධාරීහු, මාධ්‍යවේදීහු, පොලීසිය හා පරිසරවේදීහු එක්ව සිවුවැනි දිනයටත් අද (29දා) මෙහෙයුම් ආරම්භ කළහ.
'දළ පූට්ටුටා' ඇතා අවසන් වරට සැරිසැරූ බව පැවසෙන පොල්පිතිගම, හේරත්ගම, ගලහිටියාව වැව ඉස්මත්තේ යන්තෝපකරණ යොදා අලුතින් එළිපෙහෙළි කර තිබූ සැක සහිත ඉඩමක කැණීම් කිරීම ඊයේ (28දා) සිදු කළද, කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු පවසති.
'දළ පූට්ටුවා' කිසියම් පිරිසක් දළ ලබා ගැනීමට මරා දමා ඇති බවට ප්‍රථම වරට හෝඩුවාවක් මතුවූයේ පසුගියදා (23දා) දළ යුගලක් අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පොල්පිතිගම, නිකවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමගය.
මෙම සැකකරුවන් සන්තකයේ තිබූ ඇත්දළ යුගල දළ පූට්ටුවාගේ බවට වනජීවී නිලධාරීන් මේ වනවිට සනාථ කරගෙන තිබේ.
සියඹාලන්ගමුවේ ඇතාගේ මරණින් පසු ජනතාවගේ ආදරයට ලක්වූ 'ගල්ගමුවේ දළ පූට්ටුවා' ආකර්ෂණීය දළ යුගලකින් සමන්විත ඇතෙකු බවට ජනප්‍රිය වී තිබිණි.
- ඡායාරූප අනුග්‍රහය - මිලින්ද වත්තේගෙදර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








