වවුනියාවේ ස්ථාන තුනකදී සිදු කරන ලද ඝාතන 03කට වරදකරුවන් වූ පස් දෙනෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්රන් මහතා මරණ දඬුවම නියම කළේය. ඒ අතර එකම පවුලේ තිදෙනෙක්ද වෙති.
වවුනියාව සුන්දරපුරම් ප්‍රදේශයේ තරුණයෙකු පියා සහ පුතුන් දෙදෙනා එක්ව ඝාතනය කිරීමත්, වවුනියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේ බිරිඳ විසින් සැමියා ඝාතනය කිරීමත්, වවුනියාව ශාස්ත්‍රී කූලාං කුලම් ප්‍රදේශයේ තරුණයෙකු විසින් කාන්තාවක් ඝාතනය කිරීමත් යන සිදුවීම්වලට වරදකරුවන් වූ පස් දෙනෙකුට ඊයේ (01දා) දින මෙසේ මරණ දඬුවම නියම කෙරිණි.