ගෝලීය සාමකාමී රාජ්‍යයන් අතර ඉදිරියට පැමිණෙමින් Global Peace Index 2016 දර්ශකයෙහි 97 වැනි ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
රටවල් 163ක් අතරින් මෙසේ ශ්‍රී ලංකාව 97 වැනි ස්ථානයට පත්ව ඇති අතර, 2015 වසරේදී රටවල් 162ක් අතරින් ශ්‍රී ලංකාව පැවතියේ 115 වැනි ස්ථානයේය.
ජගත් ආර්ථික හා සාමයික ආයතනය පුළුල් සමීක්ෂණයකින් පසුව මෙම දර්ශකය ඉදිරිපත් කරන අතර, මෙය ඒ ඒ රටවල සංචාරක හා ආයෝජන ක්ෂේත්රයට අතිශය වැදගත් දර්ශකයක් ලෙස පිළිගැනෙයි.
මෙහි පළමු තැන අයිස්ලන්තයටත්, දෙවැනි හා තුන්වැනි ස්ථාන ඩෙන්මාර්කයට හා ඔස්ට්‍රියාවටත් හිමිව තිබේ.
මේ අතර, අසල්වැසි ඉන්දියාවට හිමිව ඇත්තේ 141 වැනි ස්ථානයයි. එහි අවසන් ස්ථානය හෙවත් 163 වැනි ස්ථානය සිරියාවට හිමිව තිබේ.