ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයට අනුව රටවල් 183ක් අතරින් ශ්‍රී ලංකාවට 31වැනි ස්ථානය හිමිව තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාවට අනුව තරුණ සංවර්ධනයේ දුර්වලම රට ලෙස ඉන්දියාව නම් කර තිබෙන අතර, එම ලැයිස්තුවේ 69 වැනි ස්ථානය භූතානයටත්, 77 වැනි ස්ථානය නේපාලයටත්, 146 වැනි ස්ථානය බංගලාදේශයටත්, 154 වැනි ස්ථානය පාකිස්ථානයට හිමිව තිබේ.
ගෝලීය තරුණ සංවර්ධන දර්ශක සැකසීමේදී තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය, සෞඛ්‍ය හා සුබසාධනය, රැකියා අවස්ථා නිර්මාණකරණයේ හැකියාවට අවස්ථාව ලබාදීම,දේශපාලන අවස්ථා හා ප්‍රජා සහභාගිත්වය සැලකිල්ලට ගනු ලැබේ.
මෙම දර්ශකයට අනුව පළමු ස්ථානය ජර්මනියට හිමිව තිබෙන අතර ඔස්ට්‍රේලියා, ඩෙන්මාර්කය, ස්ව්ස්ටර්ලන්තය, එක්සත් රාජධානිය පළමු රටවල් 05ට ඇතුළත් වී තිබේ.