ඇවන්ට්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට අනුමැතිය දීමෙන් රුපියල් බිලියන 11.4ක පාඩුවක් කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුව විභාගයට ගැනීම අත්හිටුවන්නයි ගොඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට ප්රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ.
අද (23දා) අභියාචනාධිකරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ප්රතිශෝධන අයඳුම්පත ගොනු කළේය. අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත.