(Video) හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පෙරාතුව සිදුකිරීමට වැඩ තිබෙන බවත් ඔහු යම්කිසි ආකාරයකට සූදානම් වුවහොත් ගමනක් පවතින බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.
අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් අද (14දා) හමුවීමෙන් පසුව මාධ්‍ය යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
“එතුමාට (හිටපු ආරක්ෂක ලේකම්) කරන්න ගොඩක් ගෙදර වැඩ තිබෙනවා. ඒ හෝම් වර්ක් ටික කරලා සූදානම් වුණොත් යමිකිසි ගමනක් තිබෙයි කියා සිතනවා. අපි කාටවත් කඩේ යන්නේ නෑ. බුදුහාමුදුරුවන්ට විතරයි කඩේ යන්නේ.
දැන් හොඳටම ඇඳ ගත්තා ඇති. ඒ නිසා අවම තරමින් පොත පතක් කියවන, සමාජයේ ගරහාවට ලක් නොවුණු, යමක්කමක් ඉගෙන ගත්ත මේ රට දැය වෙනුවෙන් මොනවා හරි කරන මිනිස්සු ටිකක් පත් කරගන්න අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා.” යැයිද පවසා සිටියහ.