හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස පත් කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න මහතා ප්‍රකාශකළේය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීලඟ දෙවෙනි නායකයා වශයෙන් පත්කරලා ඉදිරියට යන්න අදාළ පුද්ගලයා සමග මම සාකච්ඡා කරලා තිබෙනවා.
එතුමා විශාල සේවයක් රටට කළා , යුද්ධය මෙහෙයවූවා , ඇත්ත වශයෙන්ම යුද්දේ මෙහෙයවූයේ එතුමා. යුද්ධය ජයගැනීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහත්තයාට වගේම ලැබිය යුතු පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලඥයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබූයේ ඇඹිලිපිටිය කොලොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක් අමතමිනි.