හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් 08 දක්වා කල් ගියේ ඇයි ද කියා තමන්ට ද ගැටලු සහගත බව ප්රජාතන්තවාදී වාමාංශික පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (20දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊළඟ නඩුවාරය සඳහා ඔක්තෝබර් 08 වැනිදා වැනි දීර්ඝ කාලයක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රශ්න සහගත බවයි.
එසේම වාසුදේව නානායක්කාර මහතා මෙහිදී කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පැවැති විනිමය වංචා නඩුවෙන් ඇමතිවරයා නිදහස් වීම පිටුපස දුරකථන ඇමතුම් තිබේද කියා සොයා බැලිය යුතු බවයි.