හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන වියත්මග වැඩසටහනේ විශේෂ වැඩමුළුවක් ඊයේ (13දා) කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ පැවැත්වීය. මහා සංඝරත්නය හා ආගමික නායකයන්, දේශපාලන නායකයන්,ව්‍යාපාරිකයන්,වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහනට එක්ව තිබේ.
මෙම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා හා බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියහ. බුද්ධියෙන් බල ගැන්වුණ ශ්‍රී ලංකාවක් යන මාතෘකාව යටතේ මෙම වැඩසහන සංවිධානය කර තිබුණි.