මාසයකට වරක් ආගමික සංවිධාන මුණගැසී සාකච්ඡා කිරීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව සිංහල, දෙමළ, මුස්ලිම්, ආගමික සංවිධාන ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා එකිනෙකාගේ අදහස් විමසීමටත්, දෙපාර්ශවයන් මුණගස්වා මතුව ඇති ප්‍රශ්න සම්බන්ධව එකිනෙකා සමග සාකච්ඡා කිරීමටත් සුදානම් යැයිද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
ඉකුත් සිකුරාදා (04දා) දින බෞද්ධ සංවිධාන හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තිබූ හමුවකදී හෙතෙම මේ බව පැවසූ බව රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.