තමා දේශපානයනට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
පාදුක්ක විහාරස්ථානයක ආගමික උත්සවයක් සඳහා ඊයේ (13දා) සම්බන්ධවීමට පැමිණි හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම තමා ආරක්ෂක ලේකම්ව සිට කාලයේදී රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් හොඳ ක්‍රියාමාර්ග ගත් බවත් එම ක්‍රියාමාර්ග වර්තමාන රජයත් ඉදිරියට පවත්වාගෙන යනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු පැවැසීය.