හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගෙන් දෙමළ සංවිධාන දෙකක් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.
ඇමෙරිකාවේ සිට ක්රියාත්මක ඔබාමා වෙනුවෙන් දමිළ ජනයා හා ඇමෙරිකානු දමිළ සංසදය මෙම ඉල්ලීම ඔබාමාගෙන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා අවස්ථා කිහිපයකදී ඇමෙරිකාවට සංචාරය කර තිබෙන බව පෙන්වා දෙන මෙම සංවිධාන ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස සඳහන් කරනේ මානුෂීය මෙහෙයුමේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් වගකිව යුතු වීම හේතුවෙනි.