ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ විපක්ෂය බලකරනා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරක් ලබාදෙමින් අගමැතිවරයා මේබව පැවසීය. ජාතික විධායක සභාව නමින් ආයතනයක් පිහිටුවා නොතිබූ බවත් සිවිල් සංවිධන හා පක්ෂ රැසක් එකතුවී දින 100 වැඩසටහන සක්රීයකරගැනීමට ඇතිකරගත් මණ්ඩලයක් බවත්ද අග්රාමැතිවරයා මේබව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් රජය මඟින් ජාතික විධායක සභාවක් ආරම්භ කළාදැයි විමසූ අවස්ථාවේදී මේබව කීය. රජයේ එහෙම ආයතනයක් ඇතිකර නෑ.එහෙත් මෛතිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණයට එකතු වූ සිවිල් සංවිධාන එකතු වෙලා, දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට මණ්ඩලයක් ඇති කළා, එයට ජාතික විධායක සභාව කියලා කිව්වා.
දේශපාලන හා සිවිල් සංවිධාන ස්වේච්ඡාවෙන් ඇතිකර ගත් සංවිධායක්.පූජ්‍ය සොභිත ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් අයත්
සංවිධාත් සහභාගි ඉවුණා.ආණ්ඩුපක්ෂයේ, විපක්ෂයේ පක්ෂ තිබුණා. ඉන් අපි දේශපාලන තීන්දු අරගෙන,විශාල වැඩසටහනක්
කළා.අපි වගකීමක් බාර ගත්තා.එයට ජාතික විධායක සභාව කිව්වා. අපිට ඕන නමක් දෙන්න පුළුවන්. අපේ එක්සත් ජාතික පක්ෂයෙත් තියෙනවා කෘත්‍යාධීකාරී මණ්ඩලයට අමතරව,අපිට ජාතික විධායක සභාවක් තිබෙනවා. ඒවා පාර්ලිමේන්තුවෙන් පිට ඒවා.එක එක සංවිධාන තිබෙනවා.පර්ලිමේන්තුවේ විපක්ෂය නිල වශයෙන් තියෙනවා.කතානායකතුමා පිළිගෙන තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියලා කිව්වාට අපි මොනවා කරන්නද?කියන්න පුළුවන්.අපිට
ප්‍රශ්නයක් නෑ. මෙහිදී මහින්ද යපා මහතා ප්‍රශ්න කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට ජාතික විධායක සභාව නියෝගකළේද යන්නය. එයට අගමැතිවරයා මෙසේ පිළිතුරු ලබාදුනි. මේ රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා, සන්ධනයේ නායකයෙක්. එතුමත් එහි සාමාජිකයෙක්. එතුමා කියන්නේ එතුමගේ නායකය මිනී මරු සංවිධානයක සභාපති කියලද?කරුණාකරලා කියන්න.තමන්ගේ නායකයට බනින්න එපා. ජනාධිපතිතුමා ආවේ මේ රටේ මිනී මැරුම් නවත්වන්නයි. අද කවුද මිනී මරුවේ කියලා පේනවා. ජනාධිපතිතුමාට ස්තූතිවන්ත
වෙන්න අවශ්‍යයි,මේ අවිචාර සමයයි,මිනී මැරුම් යුගයයි අවසන් කිරීම පිළිබඳව. ඒකාබද්ධ විපක්ෂය දැන් ගෝටා අත්අඩංගුට ගැනීමට බලකරනවා. යැයි පැවසීය.