ජලය නොමැතිව කන්න ගණනාවක් වගාවක් නොමැතිව අසරණව සිටින ගොවීන්ට මසකට රුපියල් 10000 ක දීමනාව ගෙවීම තවදුරටත් ප්රමාද කරන්නේ නම් රජයට විරුද්ධව (24දා) දඹුල්ල නගරයේදී දැවැන්ත ගොවි සටනක් ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (22දා) පැවසීය.
මීට අමතරව රජය කැබිනට් සංශෝධන හරහා ගොවි ජනතාව මෙන්ම රටේ සමස්ත ජනතාවම රවටන බවත් ඔළුගෙඩි මාරුවකින් පවතින ගැටලුවලට විසඳුමක් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.