CFL බල්බ 2000 මගින් වර්ෂයකට රුපියල් ලක්ෂ දහ අටක ඉතිරිය රජයට ලැබෙන බවත් සමෘද්ධීලාභී පවුල්වලට පිරිමැසුම්දායක උදුනක් ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එමෙන්ම කාර්යබහුල වෙලාවන් වන 6.30 සිට 10.00 දක්වා විදුලිය පරිභෝජනය නොකර සෙසු වේලාවන්වල පරිභෝජනය කරන්නන් වෙනුවෙන් අවම මිළ ක්‍රමයක් හදුන්වාදීමටත් ඒ ආකාරයෙන්ම කාර්යබහුල නොවන වේලාවන්වල විදුලිය පරිභෝජනය කරන ගොවි මහතුන්ට නොමිළයේ විදුලිය ලබාදීමේ සැලසුමක් ඉදිරියේදී ක්‍රියාවට නංවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.