ගෙවුණු වසර තුන ඇතුළතදී විශ්වවිද්‍යාල සිසුන් 1121 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහිමි කර හා පංති තහනමට ලක්කර, තවත් 20 දෙනෙකුට ජීවිතාන්තය දක්වා උපාධි අහිමි කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පෙන්වාදෙයි.
එහි කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසුවේ 2010-2013 කාලසීමාව ඇතුළතදී විශ්වවිද්‍යාල සිසුන් 03 දෙනෙකු ඝාතනය කර, 220 දෙනෙකු පැහැරගෙන ගොස්, මරණීය තර්ජන සිදුකර පහර දී තිබූ බවයි.
එසේම එම කාලසීමාව ඇතුළතදී අත්අඩංගුවට ගැනීම් 131 ක්, සිරගත කිරීම් 111 ක් සහ සිසුන් 298 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.