ලෝකයේ වනසත්ව ගහණය පසුගිය වසර 40ක කාලය තුළ හරි අඩකින් අඩුවී ඇති බවට නවතම වාර්තාවක් හෙළි කරනයි.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සත්ත්ව විද්‍යා සංගමයේ නවතම ලිවින්ග් ප්ලැනට් දර්ශකය මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, ක්ෂීරපායීන්, පක්ෂීන්, උරන්ගයින්, උභයජීවීන් හා මත්ස්‍යයින් යන සත්ව ප්‍රජාවන් පෙර සිතුවාට වඩා බොහෝ සෙයින් ලොවෙන් සමුගෙන ඇති බව ලෝක වනසත්ව පදනමද පෙන්වා දෙයි.
අග්නිදිග ආසියාව පුරා විහිදෙන නිවර්තන කලාපීය රටවල සහ මධ්‍යම අප්‍රිකානු රටවල වෙසෙන වන සතුන්ට මෙම තත්ත්වය තදින්ම බලපා ඇති බවද ලෝක වනසත්ව පදනම අවධාරණය කරයි.
මීට බලපා ඇති ප්‍රධානතම කරුණු අතර නිවර්තන කලාපීය වන විනාශය ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මිනිසාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉවක් බවක් නොමැතිව වනාන්තර විනාශය සිදුවන බවද පෙන්වා දෙයි.
මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට පෙර තිබූ නිල දත්ත හා සැසඳීමේදී 6% අඩු වී ඇති බවත්, ව්‍යාඝ්‍රයන්, සීල් මත්ස්‍යයන් මෙසේ වේගයෙන් වඳ වී යන සතුන් අතර සිටින බවත් පෙන්වා දෙයි.