නිවැසියන් සමඟ අමනාපවී බස් රථයක නැගී කොළඹ ගිය 11වියැති සිසුවෙකු කොළඹ පිට කොටුවේ අතරමන්ව සිටියදී කොටුව පොලීසිය විසින් රඳවා ගෙන ඇත.
මෙලෙස කොළඹ පැමිණ ඇත්තේ මාපාකඩවැව, කෙසෙල්පොත යාය 11 මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩි. එම්. සජිත් හෂාන් වික්‍රම සිංහ නැමති පාසැල් සිසුවෙකු බව පොලීසිය පවසයි.
මෙම සිසුවාගේ මව කුලී රැකියාව සඳහා පිටව ගිය පසු පාසල් කාලයෙන් පසු සීයාගේ නිවසේ රැඳී සිටින අතර නමුත් පසුගිය 26දා පස්වරුවේ මෙම සිසුවා නිවසේ තිබූ රුපියල් 10000ක මුදලක් සමඟ අතුරුදහන්ව ඇතිබව සිසුවාගේ මව මහියංගනය පොලීසියට පැමිණිලි කර ඇත.
මෙසේ නිවසින් පැමිණි මෙම සිසුවා 27 දින උදැසන මහියංගනය නගරයේ ඡංගම දුරකථන අලෙවි සැලකින් රුපියල් 6990ක දුරකථනයක් මිළට ගෙන මහියංගන කොළඹ බස් රථයක නැගි කොළඹ බලා පිටව ගොස් ඇත.
එසේ පැමිණි මෙම සිසුවා කොළඹ කොටුව ප්‍රදේශයේ අතරමන්ව සිටියදී කොටුව පොලිස් භාරයට ගෙන ඇත.
මහියංගණ - රංජිත් කරුණාවිර