ගූගල් ස්ටීට් විව් සඳහා අවශ්‍ය ඡායාරූප එකතු කිරීම සඳහා වූ සැලැස්මට ඉන්දීය ආරක්ෂක අංශ විරුද්ධත්වය පළ කිරීම නිසා ඊට බාධා පැමිණ ඇති බව කියැවෙයි.
ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙසේ රට පුරා මංමාවත්වල ඡායාරූප එකතු කිරීම එරට ආරක්ෂාවට තර්ජනයක් වන බවයි.
ගූගල් ස්ටීට් විව් මගින් අංශක 360ක, ඉහළ තීව්රතාවයෙන් යුතු ඡායාරූප එකතු කිරීමක් සිදුවන අතර, ඒ අතර, විශේෂ සංචාරක ස්ථාන, කඳු මෙන්ම ගංගා ඇළදොළ ආදියද ඇතුළත් වෙයි.
කෙසේ වෙතත්, ගූගල් විසින් විවිධ රටවල රට පුරා සිදුකරන මෙම දත්ත එක්රැස් කිරීම සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල අවධානය යොමුව ඇති බවත්, ඒ ඒ රටවල් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.