මැදපෙරදිග කලාපයේ රටවල් 6ක සිට පැමිණෙන ගුවන් යානාවල අතින් ගෙනයන ගමන්මලු තුළ විද්‍යුත් උපකරණ රැගෙන ඒම තහනම් කිරීමට බ්‍රිතාන්‍යයද සූදානම් වෙයි.
ඇමෙරිකාව වෙත මැදපෙරදිග කලාපයේ සිට පැමිණෙන සෘජු ගුවන් ගමන්වලදී අතින් ගෙනයා හැකි ගමන්මලු තුළ විද්‍යුත් උපකරණ රැගෙන ඒම තහනම් කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයද එවැනි පියවරකට සූදානම් බව විදෙස් වාර්තා පවසයි.
මේ නිසා ලැප්ටොප්, ටැබ්, විශාල ප්‍රමාණයේ ස්මාට් දුරකථන, ක්‍රීඩා කොන්සෝල් උපකරණ ආදිය ගුවන් යානාවල අතින් ගෙනයන ගමන්මලුවල රැගෙන යාම සපුරා තහනම් වෙයි.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙය අත්‍යවශ්‍ය තීරණයක් බව එරට රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ගුවන් යානා වෙත ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමේ අවදානම හා මෙවැනි විද්‍යුත් උපකරණ තුළ සඟවා පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමේ සූක්ෂම සැලසුමක් පිළිබඳව බුද්ධි අංශ ලද අනාවරණයන්ට අනුව මෙවැනි පියවරක් ගැනීමට ඇමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයද කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, යමෙකුට අවශ්‍ය නම් ගමන්මලක නොදමා, තම සමීපයෙහි එවැනි උපකරණයක් රැගෙන යාමේ අවස්ථාව පවතින බවත්, ඒවා මනා පරීක්ෂාවකට බඳුන් කිරීමෙන් පසුව එම අවසරය හිමිවන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.