ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කිරීමට ජපානයෙන් රුපියල් කෝටි 14.9ක වාහන හා උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ.
ත්‍රස්ත ප්රහාරයන්ට මුහුණදීම හා මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පරිත්‍යාග කොට ඇති මේ සඳහා ගුවන් තොටුපොළ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන වාහන, ගිලන් රථ මෙන්ම ගුවන්තොටුපොළවල ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් වන තාක්ෂණික උපකරණ තොගයක්ද ඇතුළත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා විසින් මෙම උපකරණ තොගය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට පරිත්‍යාග කරනු ලැබ තිබේ.