කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය. ඔවුන්ගේ දීමනා වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් හා නොවැම්බර් මාස සඳහා රුපියල් 8000 බැගින් 16000ක් සේවකයන්ට ගෙවීමට තීරණය වී තිබේ.
ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයෙකු, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් හා වෘත්තීය සමිති එක්ව සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය. කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.