හෝකන්දරදී ගුවන් හමුදාවේ ඇන්ටනෝව් යානයක් අනතුරට පත්වීමෙන් බරපතල තුවාල ලත් නායක ගුවන්භට ජී.කේ.එන්. චතුරංග මහතාගේ අත් හා පාද ඉවත් කොට තිබේ.
ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුගේ අත් හා පා දරුණු ලෙස පිළිස්සීමට ලක්ව තිබිම හේතුවෙන් ශල්‍ය කර්මයකින් අත් හා පාද ඉවත් කොට තිබේ.