කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් ධාවනය පථයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් බවත් එය නියමිත දිනට පෙර අවසන් කළ හැකි බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය. ඒ සඳහා රජය රුපියල් බිලියන 49ක් වැය කරන බවත් ඔහු පැවැසීය.
කොළඹදී අද (15දා) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගුවන් තොටුපොළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව ලබාදී එමගින් වසරකට ගුවන් මගීන් මිලියන 10ක් හැසිරවිය හැකි ස්ථානයක් බවට කටුනායක ගුවන් තොටුපොළ පත්කරන බවත් ඔහු සඳහන් කළේය.
එසේම 2020 වන විට ගුවන් තොටුපොළ තුළ සංචාරකයන් මිලියන 20ක් හැසිරවිය හැකි ආකාරයට එහි පහසුකම් සංවර්ධනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.