ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳවද තොරතුරු රැසක් වාර්තාවී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී මෙම කරුණු අනාවරණය වෙන බවද ජනපතිවරයා සඳහන් කළේය.
මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (23) බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
අද ගුරු සේවයේ සිටින දෙලක්ෂ පනස්දහසකට වැඩි පිරිස අතරේ එම උතුම් වෘත්තියට සුදුසුකම් නොලබන සියයට අටක් -සියයට නමයක් අතර පිරිසක් සිටින බවද සිදුකළ සමීක්ෂණවලින් කරුණු පෙන්වා දී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඒ අධ්‍යාපන සුදුසුකම් අනුව නොව සිය සේවයට දක්වන ගෞරවය, කැපවීම, කුසලතාව සහ දක්ෂතාව මත පෙන්වන දුර්වලතා අනුව බවද පෙන්වා දුන්නේය.