අවිස්සාවේල්ල නිට්ටඹුව ප්රධාන මාර්ගයේ තල්දූව සිට අමිතිරිගල දක්වා වූ මාර්ග කොටසේ තිබෙන ගුරුගල්ල පාලම ඊයේ (10දා) රුවන්වැල්ල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වසා දමනු ලැබීය.
පාලමේ කණු දෙකක් කඩා වැටීමේ අවදානමක් ඇති හෙයින් පාලමෙන් ගමන් කිරීම අවදානම් නිසා මෙම පියවර ගත් බව ඉන්ජිනේරුවෝ පවසා සිටිති. පාලම පිලිසකර කර නැවතත් යථා තත්ත්වයට පත් කරන තෙක් තල්දූවේ සිට රුවන්වැල්ල දක්වා ගොස් ගෝනගල්දෙණිය මාර්ගය ඔස්සේ නිට්ටඹුව දෙසටත්, අමිතිරිගල සිට පූගොඩ හංදියෙන් කොස්ගමට පැමිණ අවිස්සාවේල්ල දෙසටත් තිබෙන විකල්ප මාර්ග භාවිතා කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
සටහන සහ ඡායාරූප - මංජු ප්රදීප් කුමාර