අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ ගුරු හා විදුහල්පතිවරුන්ගේ සියලුම උසස්වීම් මඩිහේවා කමිටුවේ නිර්දේශ මත මෙම වර්ෂයේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.
කොළඹ ලුම්බිණි විද්‍යලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (03) මේබව පැවසීය.
මෙම උසස්වීම් ලබාදීමේ කඩිනම් ජංගම විශේෂ වැඩපිළිවෙළක් 217,000 ක් පමණ වන ගුරුභවතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.