පාසල් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව සමීක්ෂණයක් සහ පාසල්වල පරිගණක පහසුකම් පිළිබඳව සංගණනයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය ඇතිව මෙම සමීක්ෂණය මේ මස 07 දා පැවැත්වීමට නියමිතය.තොරතුරු සාක්ෂරතාවයට සියලුම පාසල් සූදානම්ද යන්න පාදක කරගනිමින් මෙම සංගණනය පැවැත්වේ.