ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරය අහෝසි කරමින් අභියාචනාධිකරණය 'රිට්' ආඥාවක් නිකුත් කරු ඇති හෙයින් ඇය වෙත තීරු බදු සහන යටතේ නිකුත් කර තිබූ වාහනය සඳහා අදාළ බදු මුදල් වහාම අය කරගන්නා ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.
මහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් හා කථානායකවරයාගෙන් කැෆේ සංවිධානය ලිඛිතව මෙම ඉල්ලීම කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මිය වෙත රජයෙන් තීරු බදු රහිත වාහන බලපත්රයක් නිකුත් කර ඇති අතර, ඒ සඳහා තීරු බදු සහන ලබාදී ඇති බවත්, එමගින් රජයට අය විය යුතු බදු මුදල් අහිමිවීමක් සිදුව ඇති බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එබැවින් හැකි ඉක්මනින්, ගීතා කුමාරසිංහ මහත්මිය ගේ රථයට අය විය යුතු රජයේ බදු මුදල් ද, එයට අයවිය යුතු අධිභාරය ද අය කරගැනීම සඳහා ඉක්මන් ක්රියාමාර්ග ගන්නා ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.