පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සම්බන්ධව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මේ දක්වා පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දී නැතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (05දා) පැවසීය. එම තීරණය ලැබුණු පසුව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්රීධුරය සම්බන්ධව තීරණයක් ගන්නා බවද කථානායකවරයා පැවසීය.