ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් අද (07) උදෑසන විශාල ගිලා බැසීමකට ලක්ව ඇති අතර අදාළ නිවස අඩි 60 ක් පමණ ගැඹුරට ගිලා බැස තිබේ. ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක කැණීම් කටයුතු සිදුකරන උමං මාර්ගයක ඉහළින් පිහිටි නිවසක් මෙලෙස ගිලා බැස්මට ලක් වීය.
පොල්පිටියේ සිට කිතුල්ගල, කළුබෝතැන්න දක්වා කිලෝමීටර 4 ක් දුරට මෙම උමං මාර්ගයේ කැණීම් කටයුතු සිදු කෙරෙනවා. උමං මාර්ගයට ඉහළින් නිවාස 12 ක පදිංචිව සිටි ජනතාව තාවකාලික ස්ථාන කරා යොමු කිරීමට ව්‍යාපෘතිය භාර නිලධාරීන් කටයුතු කර ඇත.