නීත්‍යනුකූල නොවන ආකාරයට බලපත්‍ර රහිත ගිනිඅවි ළඟ තබාගෙන සිටින්නන්ට එම ගිනිඅවි රජයට බාරදීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
එමෙන්ම එලෙස බාරදෙන ගිනිඅවි සඳහා මුදල් ගෙවීමටද රජය කටයුතු කරන බවත්, එබැවින් බලපත්‍ර රහිත ගිනිඅවි ඇති සියලු දෙනා නොපමාව ඒවා රජයට බාරදෙන ලෙසත් ඔහු අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.